Mar 15, 2019

මඟුල් ගෙදර යන අතරමඟ අනතුරකින් 3ක් මරුට

 

ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙතු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද(15) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථයක් සහ නාවික හමුදා නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකි.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් අලව්ව ප්‍රදේශ පැවැත් වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී වෙමින් තිබියදී මෙම අනතුර සිදු ඇති බව වාර්තා වේ.

මේ අතර දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළි යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු දඹුල්ල මූලික රෝහලට මාරුකර යවා තිබේ.

අද (15) අලුයම 6ට පමණ මෙම අනතුර සිදුව ඇත.

කන්ටේනර් රථයේ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top