Mar 15, 2019

ජපන් යවනවා කියා වටේ යැවූ බත්තරමුල්ලේ හොර කඩේ වටලයි

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් වැටලීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් බත්තරමුල්ල, රෝයල් ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය වැටලීම සිදුකර තිබේ.

එම වැටලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් පොළොන්නරුව හා තලංගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍ර 13, ජපන් රැකියා සදහා යොමුකළ අයදුම්පත්, ගමන් බලපත්‍ර ඡායා පිටපත්, වර්ණ ඡායාරූප, මුදල් ලබාගත් බවට ලබාදෙන රිසිට්පත්, රැකියා ඇබෑර්තු ඇති බව සදහන් දැන්වීම් ඇතුළු තවත් ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇති අතර, ගුවන් ටිකට්පත් විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන් විසින් ජපානයේ රැකියා අවස්ථාවක් ලබාදීම සදහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, එම ආකාරයෙන් මුදල් ලබාදුන් පුද්ගලයින් කිහිප දෙනෙකුද විමර්ශන නිළධාරීන් හමුවේ පෙනී සිට ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top