Mar 15, 2019

වැසිකිළි වළ කැපීමේදී රිවොල්වරයක් හමුවෙයි (ඡායා)

හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් විසින් හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල අසල ඊයේ (14) පස්වරුවේ අලුතින් වැසිකිලි වලක් කැපීමේදි වළ තුළ තිබී රිවොල්වරයක් හමු වී ඇති බව හැටන් පොලිසිය පවසයි.

නගර සභා සේවකයින් විසින් වැසිකිලි වල කපා ගොඩකර තිබු පස් මත මෙම රිවොල්වරයක් තිබෙන බව නගර සභා සේවකයින් විසින් කල දැනුම් දිමක් මත පොලිසිය විසින් රිවෝල්වරය පොලිස් භාරයට ගෙන ඇත.

පස් යට තිබි හමු වු රිවොල්වරය දිරාපත් වි තිබු බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

හමුවු රිවොල්වරය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර ඉදිරි පරික්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

Pistol1 670px 19 03 15

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top