Mar 15, 2019

ගෝඨාට රට යන්න අවසර Featured

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 26 වන දා සිට අප්‍රේල් 12 වන දා දක්වා කාලය තුළ විදේශගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (15)අවසර ලබාදුන්නේය.

ඒ, මැදමුලන ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදිය.

එසේම, විත්තිකරුවන් 4 දෙනෙකු වෙනුවෙන් නීතිපතිවරයා විසින් නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් මෙහිදී මූලික විරෝධතාවක් ද ගොනු කළහ.

ඊට පිළිතුරු ලබාදීම සඳහා නීතිපතිවරයා මේ මස 28 වන දා කැදවීමට නියමිතව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top