Mar 15, 2019

ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව 109 ක්

‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේදී අද (15) සිදුකෙරිණ.

පුහුණු පාඨමාලා මගින් තම වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා සලසාදීම මෙම ව්‍යාපාතීයේ අරමුණ වන අතර ජනමාධ්‍යවේදීන් 109 දෙනෙකු සඳහා මෙවර ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත‍්‍ර පාඨමාලා, ඩිප්ලොමා, උසස් ඩිප්ලොමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දේ.

‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උපාධි හා පශ්චාත් උපාධි හැදෑරීම සඳහා මෙතෙක් ලබාදෙන ලද රුපියල් ලක්ෂයක මුදල මෙවර රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩිකර තිබීම විශේෂත්වයකි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලූවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමනි ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ(මාධ්‍ය) කේ. පී ජයන්ත යන මහත්වරුන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top