photographic 2
Mar 16, 2019

පොලිසියට අමාරුවන තවත් මාරු !

තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් සියයකට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දීමට නීතිය හා සාමය අමාත්‍යංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් දහසකට වැඩි පිරිසකට ද ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිත බවද පැවසේ.

මෙම ස්ථාන මාරුවීම්වලින් වැඩි ප්‍රමාණයක් පසුගිය ජනවාරියේදී ලබා දීමට නියෝග නිකුත් කර තිබූ ඒවා වන අතර ඒවා අත්හිටවූයේ ජනපතිගේ මැදිහත්වීමෙනි.

කෙසේවුවද, එම ලේඛනය සංශෝධනය කර පසුගිය සතියේ ස්ථානාධිපතිවරුන් පනහකට වැඩි පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top