photographic 2
Mar 16, 2019

මලික්ට මානව හිමිකම් කඩකළයි චෝදනා : රේගුවටත් පැමිණිලි

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පොදු ජනතාවගේ මානව හිමිකම් කඩ කළ බවට ජනපති කොමසමට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම කොමිසම කියයි.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කරමින් බරපතළ අපයෝජනයක් කර ඇතිබවත්, ඉන් පොදු ජනතාවගේ මානව හිමිකම් කඩවන අයුරින් ක්‍රියා කරමින් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් මේ පැමිණිල්ල කර තිබේ.

එම පැමිණිල්ල යොමු කර ඇත්තේ, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතායි.

රේගු පැමිණිල්ල

මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ සිදු ව ඇති වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ජනාධිපති කොමිසමට ලැබී තිබේ.

2016 ජුනි මස 05 වැනි දා කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් නිවාසවලට හා ගොඩනැගිලිවලට වූ හානිය නිවැරදිව තක්සේරු නොකළ බවට පැමිණිල්ලක් ලැබී ද ලැබී ඇති බව පැවසේ.

ලබන 19 වැනි දා දක්වා පැමිණිලි භාර ගන්නා බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top