photographic 2
Mar 16, 2019

මුජිබර් පාතාලෙන් බේරෙන්න ආරක්ෂව ඉල්ලයි ! Featured

පාතාලය සමග සබඳකම් ඇතැයි තමාට එල්ලවන චෝදනා සමග ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ආරක්ෂාව ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කථානායකවරයා වෙත ලිපියක් බාරදී තිබේ.

මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු යොදන්නැයි කථානායක කරු ජයසූරිය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත එය යොමු කර ඇති බවද පැවසේ.

මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ කංජිපානි ඉම්රාන් සමග සබඳකම් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට චෝදනා එල්ල වන්නට වූයේ කංජිපානිගේ ගෝලයකු වන රිස්කාන් නමැති ව්‍යාපාරිකයාට අයත් කුලී රථ සේවාවක් විවෘත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සමග ගිය ඡායාරූප අනාවරණය වීමත් සමගය.

කංජිපානි ඉම්රාන්ට අයත් යැයි කියා පොලිස් විශේෂ කාර්ය බළකායෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ල තමාට අයත් එකක් බව කියමින් දේශපාලනික වශයෙන් තමාට එරෙහිව සංවිධානාත්මක කණ්ඩායමක් සමාජ ජාලා ඔස්සේ මඩගසන්නට වූ බවත්, මේ හේතුවෙන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් පෙන්වා දෙමින් මෙම ලිපිය ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍යට පවසා තිබේ.

මේ ගැන කොළඹ අපරාධ කොට්ඨාසයටද පැමිණිලි කළ බව හෙතෙම සඳහන් කළේ ය.

මූලාශ්‍රය - අරුණ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top