Mar 17, 2019

'ගම්පෙරළියට' එරෙහිව බැසිල් රටවටා යයි 

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවා ඇති 'ගම්පෙරලිය' වැඩසටහනට සමගාමිව ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර ඇති ‘ගම සමග පිලිසදරක්’ වැඩසටහනට මේවනවිට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.


ඔක්තෝම්බර් 26 දා කළු සිකුරාදා කුමන්ත්‍රණය දියත් වුනේ යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කල 'ගම්පෙරළිය' සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් ද ඇතිවූ බිය නිසා යයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශකර කර තිබිණ.

කෙසේවුවද බැසිල් රාජපක්ෂ මහතාගේ ගමේ බලය අල්ලන එම දේශපාලන ව්‍යාපෘතියට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කර සුළු පක්‍ෂ කිසිවක් සමග සාකච්ජාවක් කර නැති බවට එම පක්‍ෂවල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ෆේස්බුක් ඔස්සේ මත පල කර ඇත.

සිතා මතාම සුළු පක්‍ෂ දිය කර හැරීමට පොදුජන පෙරමුණ විසින් කටයුතු කරමින් ඇතැයි ඔවුන් චෝදනා කර සිටිති.

ගම සමග පිලිසදරක් වැඩසටහන මගින් දිවයිනේ සියළු ග්‍රාම සේවා කොට්ඨාශ ආවරණය වන පරිදි ගම්ම මට්ටමේ සාකච්චා විශාල ප්‍රමාණයක් පැවැත්වීමේ කටයුත් පොදුජන පෙරමුණ මේ දිනවල සිදු කරමින් තිබේ.

කෙසේවුවද එම කිසිඳු සාකච්ජාවකට විමල් විරවංශ මහතාගේ හෝ උදය ගම්මන්පිල මහතාගේ පක්ෂවලට ආරාධනා කර නොමැත. 

සබැඳි පුවත් :

'මහින්ද පැරදුනේ බැසිල් නිසා'' - විමල්වාදීන් ගෙන් චෝදනාවක් !

'සිතල යුද්ධය කරලියට' : බැසිල්-ගම්මන්පිල එලිපිට ගැටේ (වීඩියෝ)

විමල්ට හා ගම්මන්පිලට 'පොහොට්ටුවෙන්' වාරණයක් !

ජනපතිට තේරෙන සත්‍ය බැසිල්ට තේරෙන්නේ නැහැ - විමල්වාදීන්ගෙන් චෝදනාවක් 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top