Mar 18, 2019

'ඡන්දෙට දාන්නේ දිනන අපේක්ෂකයෙක්' - මහින්ද ගෝඨා ගැන කතාවක් නැහැ !! Featured

''ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ එක් කෙනයි, ඒ දිනන අපේක්ෂකයෙක්'' යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අරණායක ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු එබව කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් තීරණය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්විය.

පසුගිය බ්‍රහස්පතින්දා (14) රාත්‍රී කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක නිල නිවසේ දී රාජපක්ෂ සහෝදරයන් සහ පුත්‍රයන් එක් රැස්වී ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තීන්දු කරන ලදැයිද ඔහු දිනවීම සඳහා රට පුරා යෑමට සූදානම් බව බැසිල් ගෝඨාභය මහතා කීවා යැයිද අද සති අන්ත පුවත් පතක් සිය ප්‍රධාන පුවත ලෙස පළ කර තිබිණ. 

විනිසුරුවරුන්ට බලපෑම් කිරීමට ගැසූ අතේ රෝලක් ?

ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළකර ඇති 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය, එම සති අන්ත ජාතික පුවත්පතේ අදාල වාර්තාව අමූලික බොරුවක් බවත් එය පත්තරකාරයෙකුගේ අතේ රෝලක් බවත් 'රාජපක්ෂ පවුලට සම්බන්ධ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අවධාරණය කර සිටියි.

අඩුම ගණනේ රාජපක්ෂ පවුලේ සොහොයුරන් සහ පුතුන්ගේ එවැනි හමුවීමක් හෝ නොවූ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

 ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හමුදා සහ ව්‍යාපාරික මාෆියාව විසින් මෙවැනි අතේ රෝලක් පැල කර ඇත්තේ මේ දිනවල විශේෂ මහාධිකරණයේ එක දිගට විභාගයට ගැණෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩුවේ විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කිරීමට බවද එම වෙබ් අඩවිය අවධාරණය කර තිබේ.

රැකව ජිනරතන හිමිගෙන් මහින්දට යෝජනාවක්

මේ අතර වයඹ පළාත් අධිකරණ සංඝනායක, පූජ්‍ය රැකව ජිනරතන හිමියන් ඇතුළු වයඹ පළාතේ හිමිවරුන් කිහිප නමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 

මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ, දැන් ජනතාව ඉලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. 

" කවුරුත් දන්නවා මේ වන විට අපේ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි බව මිනිස්සු දන්නවා. ඒ වෙනුවෙනට මිනිස්සු ඉලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාව. මහින්ද රාජපක්ෂ කවදත් දුන්නේ මිනිස්සු ඉල්ලපු දේයි " මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් පවසයි. 

වෙල්ගම යලිත් හරහට හිටී..

විමල් විරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන බදුල්ල දිස්ත්‍රීක්කයේ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසන්නේ, ''කාව විවේචනය කලද නිදහසේ ගෙදර නිදාගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කෙනෙක් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කලහොත් මහින්ද මහතාට අද වගේම හෙටත් සහයෝගය දෙන බවයි.

රට ගොඩගත හැති එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් බවද ඒ මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.

සබැඳි පුවත් :

බැසිල් 'ගේම' ඉල්ලයි - 'ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන්ම පමණයි' (ජායාරුප)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top