OPEN

#

OPEN

#

Mar 18, 2019

පැලවත්ත සභාපති ආනයනික කිරිපිටි ගැන සොයන්න කියයි Featured

ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය සොයා බලන්නැයි පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටියි.

ආනයනික කිරිපිටි සඳහා වන මිල සූත්‍රයක් රජය විසින් හඳුන්වා දෙනු ලැබුව ද එම කිරිපිටි වල ප්‍රමිතිය පිළිබඳව ඇතිවී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් වන අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බවද ආරියශීලි වික්‍රමනායක මහතා සඳහන් කරයි.

දේශීය කිරි නිෂ්පාදනය සඳහා රජය අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන්නේ නම් රටටම අවශ්‍ය කිරි නිෂ්පාදන ලබා දීමට තම සමාගමට හැකියාව තිබෙන බවද පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතා පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top