Mar 19, 2019

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය: තවත් 8ක් අත්අඩංගුවට

රත්ගම, බූස්ස ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්ව ඝාතනයට ලක්වූ ව්‍යාපාරික තරුණයින් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන විමර්ශන වලදී සැකපිට තවත් පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ අඩවි වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරුන් 02 කු ඇතුළු නිලධාරීන් 07 දෙනෙකු සහ වලස්මුල්ල රක්ෂිතයේ අඩවි වන නිලධාරියා අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

ඊයේ (18) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම්දිමකට අනුව ඔවුන් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නීති විරෝධී ගිනි අවියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා 33 හැවිරිදි මංජුල අසේල සහ 31 හැවිරිදි රශේන් චින්තක නම් ව්‍යාපාරික තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර ප්‍රශ්න කිරීම්වලදී පහරකෑමට ලක්වූ එක් ව්‍යාපාරිකයකු මියගොස් තිබිණි.

පසුව සැකකාර පොලිස් නිලධාරීන් අනෙක් ව්‍යාපාරිකයාටද පහරදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයේ රක්‍ෂිත වනාන්තරයකදී ගිනිතබා විනාශ කර ඇත.

සබැඳි පුවත් :

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය: රවී විජේගුණවර්ධන අත්අඩංගුවට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top