Mar 19, 2019

ජනාධිපතිවරණය: එජාපයෙන් "විශිෂ්ට අපේක්ෂකයෙක්"

එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හොඳ හිත මේ වනවිට පළුදු වී ඇති බැවින් විශිෂ්ට අපේක්ෂකයෙකු යොදා ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නා බව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් තනිව ආණ්ඩුවක් ගෙන යන බවත් ඊට අනෙක් පක්ෂවල සහය රහසිගතව හෝ ලැබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


අමාත්‍ය රාවුෆ් හකීම් මෙම අදහස් පළ කළේ ගලේවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

(නෙත් නිව්ස්)

සබැඳි පුවත් :

ජනාධිපතිවරණය : රනිල්ගේ කැම්පේන් මැනේජර් සාගල !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top