ඇය මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.
“ඒක තමයි සහෝදරය කියන්නේ මිනිසාගේ චරිතය කියල..එදා එපා කිව්ව ව්‍යවස්ථාව තමයි රනිල් වික්‍රමසිංහ ගේන්න හදන්නේ. එදා එපා කිව්වෙ මට අපේ පක්ෂය නැවත වතාවක් දිනයි කියන බයට මම තවටිකක් කල් ජනාධිපති වෙලා ඉඳියි කියල බයට අන්තිමට ඒ අය බලයට ගේන්නත් උදව්කරලා..නායකත්වයකුත් අරන් උදව්කරලා..අගමැතිත් කරලා..තවත් අය ජනාධිපතිකරලා…දැන් ඒගොල්ලො මම එදා කිව්ව එක දැන් ඒ අය කියනවා..හැබැයි ඒ කාලසීමාව ඇතුළත අවුරුදු 20ක් තිස්සෙ රට විනාශයට පත්වුණා..එක්සත් ජාතික පක්ෂයේ හුඟදෙනෙක් පිළිගන්නවා මම නම් සහිතව කියන්නෙ නෑ..නායකත්වයත් ඇතුළුව එදා ඒකට සහයෝගය දුන්න නම්…බොහොම හොඳයි කියල. දැන් ඒගොල්ලො ඒ වැරැද්ද පිළිගන්නවා…”
සම්පූර්ණ වීඩියෝව