Mar 19, 2019

මන්ත්‍රී ලේකම් උසාවිය ඇතුලේ කළ ෆොටෝ ෂූට් එක

පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව මහඅධිකරණය තුළ සිර මැදිරියේ ඇප කොන්දේසි පුර්ණ කරන තුරු රඳවා සිටි අවස්ථාවේදී ජංගම දුරකථනයකින් ඔහුගේ ඡායාරුප ගත් මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලේකම්වරයා ඊයේ (18 ) දින පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.

ඉකුත් ජනාධිපති මැතිවරණ සමයේ එනම් 2015 ජනවාරි 03 දින අරලගංවිල නගරයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පහර දී වෙඩි තබා මිනි මැරීමට තැත්කිරීම සහ සාපරාධි බිය ගැන්වීමක් පිළිබඳව චෝදනා ලැබ සිටි රොෂාන් රණසිංහ මහතා ඇතුළු වග උත්තරකරුවන් 07 දෙනෙකුට එරෙහිව නිතීපතිවරයා විසින් පොළොන්නරුව අධිකරයේ ගොනු කළ නඩුවක් ඊයේ කැඳවීය.

එහිදී එක් අයෙකුට රුපියල් 25000 බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරිර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලෙස පොළොන්නරුව මහා අධිකරණ විනිසුරු ඉන්දික සුමේධ මහතා විසින් නියෝග කිරිමෙන් පසු ඇප කොන්දේසි සපුරණ තුරු මහා අධිකරණයේ සිර මැදිරියේ සැකකරුවන් රදවා තැබිණි.

එම අවස්ථාවේ රොෂාන් රණසිංහ මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු වන සුරංග චින්තක (22) යන අය විසින් ජංගම දුරකථනයෙන් මහා අධිකරණයේ සිර මැදිරියේ ඡායාරූප ගැනීම පිළිබඳ බන්ධනාගාර නිලධාරින් විසින් මහා අධිකරණ විනිසුරුවරයාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පොළොන්නරුව පොලිසිය විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර (19) දින පොළොන්නරුව දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම් එස් එම් ජරැල් මහතා පැවසීය.

ඩබ්ලිව්. ඒ. පියතිලක - හිඟුරක්ගොඩ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top