Mar 19, 2019

හෙට වයඹට අනතුරුදායකයි

වයඹ පළාත අතුළු දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (20) දිනය තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රිකයේ බොහෝ ස්ථානවල උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බවය.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය, මස්පිඬු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආගාත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ද පවතියි.

එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පාලන කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි දෑ සිදු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top