Mar 19, 2019

කිරිත් නෑ :දැන් පශු සම්පතත් දැඩි අවධානමක Featured

කිරි ගොවීන් හට බෙදාදිම සඳහා රජය මගින් ඔස්ට්‍රේලියාවෙන් හා නවසිලන්තයෙන් මෙරටට ගෙන්වු කිරි ගවයින් හට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇතැයි ද එම ගවයින්ගෙන් රජය මගින් පැවැසු පරිදි කිරි අස්වැන්නක් ගත නොහැකි සතුන් ලබා දී ඇතැයි පවසමින් ලංකා කිරිගොවිපළ හිමියන්ගේ ( සිලෝන් කැටල් ෆාමස් ෆෙඩරේෂන් ) මධ්‍යම පළාත් කිරි ගොවිපළ හිමියන් විසින් මධ්‍යම පළාත් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දී ඇත.

මේ වනවිට ආනයනික දෙනුන් හා පැටවු 1,000ට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවද රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් මෙම සතුන් හට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇති බව පෙන්වා දි ඇති අතර මෙම රෝගය මෙරට ඇති අනිකුත් ගවයන්ටද රෝගය වැලදුණහොත් මෙරට පශු සම්පත සම්පූර්ණයෙන්ම විනාශ විමේ අවධානමක් ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දැනුවත් කර මාස 6ක් පමණ ගතවුවත් රජය මගින් කිසිදු පියවරක් මේ සඳහා රැගෙන නොමැති බවද ඔවුහු පවසති.

මෙම ආනයනික දෙනුන් ගබ්සා විම් ආදි හේතුන් ඇති බවත් මෙම රෝගය සම්බන්ධව පශු පර්යේෂණ ආයතනයට අනුබද්ධ පොල්ගොල්ල විෂයානුබද්ධ රසායනාගාරය මගින් සතුන්ගේ සාම්පල පරික්ෂා කිරීමේදි ආනයනික කිරි ගවයින්ට හා පැටවුන්ට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇති බව තහවුරු වි ඇති බවත් මේ සම්බන්ධව පරික්ෂණ සඳහා සතුන්ගේ සාම්පල එංගලන්තයේ OIE reference පරීක්ෂණ සඳහා යැවු පසුවද මෙම සතුන්ට BVD ( Bovine Viral diarria ) රෝගය වැලදි ඇති බවට තහවුරු වි ඇති බව තහවුරු වු බවත් මෙම රෝගය මෙම සතුන්ගෙන් රට පුරා සිටින සතුන්ටත් වැලදි යැමට හැකි බවද එම ආයතනය මගින් තහවුරු කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් 2018-07-26 පෙන්වා දුන් බවද පැමිණිල්ලේ සඳහන්ය.

මෙරට කිරි ගොවින් සඳහා ඔස්ට්‍රේලියාවෙන් හා නවසිලන්තයෙන් කිරි ගවයින් ගෙන්වා ගොවින් අතර ලක්ෂ 2 ක මුදලකට ගොවින් අතර බෙදා දුන් කිරි ගවයින් 5,000 ට ආසන්න ප්‍රමණයෙන් මේ වනවිට කිසිදු සාර්ථක කිරි ප්‍රමාණයක් නොමැති බවත් එම සතුන් හට වැලදි ඇති මෙම රෝගයන් පැතිරි සතුන් මිය යමින් පවතින අතර එම නිසා මෙම සතුන් නඩත්තු කර ගැනිමට නොහැකි හෙයින් නැවත මෙම සතුන් භාරගෙන එම සතුන් සඳහා වැය කල මුදල් ලබා දෙන ලෙස කිරි ගොවියින් රජයේ නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ලංකා කිරිගොවිපළ හිමියන්ගේ ( සිලෝන් කැටල් ෆාමස් ෆෙඩරේෂන් ) සම්මේලනයේ කිරි ගොවියෝ පවසති.

එක් කිරි ගවයෙකු සඳහා ලක්ෂ 2ක මුදලක් හා යටිතල පහසුකම් සඳහා ලක්ෂ හතරහමාරක් පමණ වැය වු බවත් ලක්ෂ හයාමාරක මුදලක් පමණ එක් ගවයෙකු වෙනුවෙන් කිරි ගොවින්ට දරන්නට වු අතර එනමුත් එම සතුන්ගෙන් රජය හා වෙලාඩ් ආයතනය පැවැසු ආකාරයේ කිරි ප්‍රමාණයක් ලබා ගත නොහැකි වු බවද ඔවුන් පැවැසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top