Mar 20, 2019

අගමැති රැකියා දෙන ගමන් විශ්‍රාම වැටුප ගැන කියයි

අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අනියුක්තව පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් මේ යටතේ බඳවා ගැනීමට නියමිතය. ඔවුන්ට මාසිකව රුපියල් 15000ක දීමනාවක් ලබාදිමට අපේකෂා කරයි. සංවර්ධන ව්‍යාපෘතින් ඵලදායි අන්දමින් ක්‍රියාත්මක කිරිම සඳහා එම ව්‍යාපෘති සමීපව අධීක්ෂණය කිරීමට මෙම පිරිස බඳවා ගැනීමට නියමිතය.

මෙසේ තෝරා ගන්නා අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනමින් පුහුණු ව්‍යාපෘති සහකාර තනතුරට පත් කිරීමට නියමිතය. ඒ හරහා ඔවුන් ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය අපේක්ෂා කරයි.

එමෙන්ම අද වන විට රැකියා වෙළෙඳපොළේ අර්බුදය බවට පත්ව ඇත්තේ බොහෝ දෙනා විශ්‍රාම වැටුප් සහිත රැකියා සෙවීම බවද අග්‍රාමාත්‍යවරයා පවසා සිටියි.

රැකියා උත්පාදනය අතින් ගත්විට තමන් දකින්නේ විරැකියාවට වඩා රැකියාවල නිරතවීමේ ගැටලුවක් බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

පෞද්ලික අංශයේ රැකියා දුන්නද බොහෝ දෙනා විශ්‍රාම වැටුප් සහිත රැකියා සෙවීම ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top