OPEN

#

OPEN

#

Mar 21, 2019

අද සවස දිවයිනට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ ගාල්ල, මාතර, මොණරාගල දිස්ත්‍රික්කවලට ද ප්‍රබල අකුණු තත්ත්වයක්ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද ඔවුන් අවධාරණය කර සිටී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top