Mar 21, 2019

LTTE ආයුධ සොයා මුල්ලිවයික්කාල් නිවසක් හාරයි !

එල්.ටී.ටී.ඊ. සංවිධානය අවසන් යුධ සමයේ වළදමා ඇති ආයුධ සඟවා ඇති බවට ලද තොරතුරක් මත අද (21) මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ නිවසක කැනීම් කළ බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත ‍‍පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් යොදා අදාළ නිවස තුළ කැනීම් කළ අතර ඒ තුළින් ආයුධ කිසිවක් හමුනොවු බවයි.

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ අවසන් ක්‍රියාකාරමකම් රැසක් සිදුකළ අතර,අදාළ තොරතුරු මත කැනීම සිදුකළ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ ‍අදාළ ස්ථානයෙන් කිසිවක් හමුනොවු බැවින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය අද(21) සවස වසා දැමු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

mennar1

mennar3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top