Mar 22, 2019

ගෝඨා එනවාට මංගලගෙත් කැමැත්තක් : සජිත් එකඟයි  Featured

ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ නම් තමා අතිශයින් සතුටට පත්වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරණ මැතිවරණ කිහිපයක්ම මෙහෙයවා ඇති ඔහු එබව සඳහන් කර ඇත්තේ කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවේ ඊයේ (21) සවස් වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ තරඟයට ඉදිරිපත් වුවහොත් තම පක්ෂයට බලවත් තර්ජනයක් එල්ලවන බවට අනෝමා ගමගේ මහත්මිය කළ ප්‍රකාශයකට වහාම ප්‍රතිචාර දක්වමින් මංගල සමරවීර මහතා පවසා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක තත්වයක් උදාවනු ඇති බවයි.

පොහොට්ටු පක්ෂයෙන් මේ මොහොතේ කවරකු ඉදිරිපත් කල ද එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය හැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ එම ජයග්‍රහණය දැන් තියාම සහතික විය හැකි බවත් මංගල සමරවීර මහතා මෙහිදී සමීක්ෂණ වාර්තා කිහිපයක් උපුටා දක්වමින් අවධාරණය කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා, අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ස්ථාවරය අනුමත කරමින් අදහස් දක්වා ඇති අතර එජාපයේ ජයග්‍රහණය ගැන කිසිවකු බියක් ඇතිකර නොගත යුතු යයි ප්‍රකාශ කර ඇත. 

'හොදම ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨා' - රාජිතත් කියයි 

ghothabahaya and ghanasara himi
                                  ''පසුගිය රජය සමයේ සුළු ජාතිකයින්ට කළ හිරිහැර ඔවුන්ට අමතක නැහැ'' - ඇමති රාජිත  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද පවසයි.

ඔහු විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

සුළු ජනතාවගේ ඡන්ද දිනාගැනීමට එම අපේක්ෂකයාට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙයි. 

සුළු ජාතීන් සමග කෑම මේස වල වාඩි වී සිටියත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ සුළු ජාතිකයින්ට කළ හිරිහැර ඔවුන්ට අමතක නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට සිටින හොදම ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. 

මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණට හැකියාවක් ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මුල සිටම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ යුතු බව සදහන් කරයි. 

2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ද දකුණේ ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස කළත් එය පරාජය කිරීමට අපට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. 

ජාතිවාදය, ආගම්වාදය, කුලවාදයට ජනතාව තවත් ඡන්දය නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත් :

'ඡන්දෙට දාන්නේ දිනන අපේක්ෂකයෙක්' - මහින්ද ගෝඨා ගැන කතාවක් නැහැ !!

'බැසිල් 'ගේම' ඉල්ලයි - 'ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන්ම පමණයි' (ජායාරුප)

ජනාධිපතිවරණය : මිනීමරු අපේක්ෂකයන් එපා 

'මිනීමරුවන්ට ජනාධිපති අපේක්‍ෂකකම් දෙන්න බෑ' -වෙල්ගම 

ගෝටා ඇමරිකානු පුරවැසියෙක්.. මෙහේ ඡන්ද බෑ'- වෙල්ගම සටනට 

'එකම නායකයා මහින්ද පමණයි.'- ගෝඨා ඉදිරිපිට වෙල්ගම කියයි 

''ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාට දෙන කතාව අමු බොරුවක්'' - මහින්ද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top