OPEN

#

OPEN

#

Mar 23, 2019

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් ගැන සංගණනයක්

මෙරට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පිළිබඳ සංගණනයක් සිදු කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව මත්‍ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසා සිටියි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලාවරච්චි මහතා‍ සඳහන් කළේ මෙම සංගණනය අප්‍රේල් මස 01 සිට 10 වනදා දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කිරීමට නියමිත බවය.

සංගණනය සාර්ථක කර ගැනීම සඳහා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චි මහතා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top