Mar 23, 2019

මන්නාරම සමූහ මිනිවලේ කැනීම් මාස 3ක් නවතයි

මන්නාරම සමූහ මිනී වළේ කැණීම් කටයුතු තවත් මාස තුනක කාලයක් සඳහා අත් හිටුවීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (22) පස්වරුවේ මන්නාරම අධිකරණයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි සාම්පල කිහිපයක් සම්බන්ධ කාබන් කාල නීර්ණ වාර්තාව මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව කැණීම් කටයුතු තාවකාලිකව නතර කිරීමට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය මාර්තු 08 වනදාය. ඒ අනුව එම නියෝගය ඊයේ සිට තවත් මාස තුනක කාලයක් සඳහා දීර්ඝ වී තිබේ.

එහිදී හෙළි වූයේ, එම මිනිස් අස්ථි කොටස් මීට වසර 350 – 600 අතර කාලයේ මිය ගිය පුද්ගලයින් පිරිසකගේ බව ය.

අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 08 වන දා නියෝග කළේ, කැණීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග එම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරිණි.

මේ වන විට එම ස්ථානයෙන් සොයා ගෙන ඇති ඇටසැකිළි සංඛ්‍යාව 355කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top