Mar 23, 2019

බිරිඳ හා නැන්දම්මා ඝාතනය කළ නරුමයා අත්අඩංගුවට

තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිඳට සහ නැන්දම්මාට තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ අද (23) උදෑසන 9 ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

අදාළ කාන්තාව ග්‍රාම නිලධාරිනියක් වන අතර පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

ඝාතනය සිදුකළ 28 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හමුදා සේවයේ යෙදී සිටි පසුව ඉන් ඉවත්වූ පුද්ගලයෙකු බවද පැවසේ.

ඝාතනයට ලක්වූ බිරිඳ 25 වන වියේ පසුවූ අතර ඇයගේ මව 54 වන වියේ පසුවිය.

මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top