Mar 23, 2019

පිට රට රබර් නිසා දේශීය රබර් කර්මාන්තයට කණකොකා හඩලා Featured

බදු සහන යටතේ මැලේසියාවෙන් හා කාම්බෝජයෙන් රබර් කිරි ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය මේ වන විට දැඩි කඩාවැටීමකට ලක්ව තිබෙන බව ලංකා වතුසේවා සංගමය පවසයි.

රබර් ෂීට් කිලෝවක් මීට පෙර රුපියල් හයසීයත් පන්සීයත් අතර මුදලකට අලෙවි වී ඇති අතර , බදු සහන යටතේ අඛණ්ඩව රබර් කිරි ගෙන්වීම නිසා මේ වනවිට ලංකාවේ රබර් ෂීට් කිලෝවක මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබෙන බව එහි සභාපති චතුර සමරසිංහ මහතා අවධාරණය කළේය.

මේ හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික රබර් වතු පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, මීට පෙර ලංකාවට රබර් කිරි ගෙන්වූයේ ලංකාව තුළ රබර් කිරි නිෂ්පාදනය නොවන කාලවලදී පමණක් බවත් සභාපතිවරයා සදහන් කරයි.

රබර් කිරි මිල පහළ යාම නිසා රබර් කිරි ලාබාදීමට වගා කටයුතු කර තිබෙනා ගොවීන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව චතුර සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top