Mar 23, 2019

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කාසි 3000ක් ගල්ටික් කරලා Featured

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණ කාසි සංචිතයෙන් ඕලන්ද යුගයට අයත් වීඕසී කාසි 3000කට අසන්න ප්‍රමාණයක් හා අනුරාධපුර යුගයට අයත් මිල කළ නොහැකි පෞරාණික බුදුපිළිමයක් අතුරුදන් වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්ත‍ෙම්න්තු ආරංචිමාර්ග වාර්තා කරයි.

මේ බව අනාවරණය වී ඇත්තේ මෙම කාසි සංචිතය භාරව සිටි සහකාර අධ්‍යක්ෂවරයා විශ්‍රාම යෑමෙන් අනතුරුව දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කාසි සංගණනයේදීය.

මේ සංගණන අවස්ථාවේදී ඔහු විසින් සිදුකළ බව කියන සැක සහිත මැදිහත්වීම් මාලාවක් නිසා එතෙක් සංගණනයේ යෙදී සිටි සේවක පිරිසක් සිය රාජකාරියෙන් ඉවත් වී තිබීමද විශේෂත්වයකි.

වාර්තා කර ඇති ලේඛණ ප්‍රකාරව මෙම පුරාවස්තු සංචිතයේ බුදු පිළිම 06ක් හා වීගඕගසී කාසී 10514ක් තිබූ බව තහවුරු වී ඇත.

එහෙත් මේ වනවිට එම සංචිතය තුළ අත්තේ බුදුපිළිම 5ක් හා වී.ඕ.සී කාසි 7500කට ආසන්න ප්‍රමාණයක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

DOA1 600px 19 03 23

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top