සිංහරාජයේ සිදුවන බව පැවසෙන වන විනාශයට අදාළව පළ කළ ඡායාරූප පෙළක් ... සිංහරාජයේ සිදුවන බව පැවසෙන වන විනාශයට අදාළව පළ කළ ඡායාරූප පෙළක් ...
Mar 24, 2019

Fake News: විල්පත්තුව ගැන පළ වන ඡායාරූප පට්ටපල් බොරු Featured

ඉහත දැක්වෙන්නේ වන විනාශයක් සිදුවන බව හුවා දැක්වීම සඳහා පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින බව පවසන ෆේස්බුක් පිටුවක, සිංහරාජයේ සිදු වෙතැයි පැවසෙන වන විනාශයකට අදාළව ඡායාරූපයකි.

එකී ඡායාරූපය, වන විනාශය සම්බන්ධයෙන් 2013 වසරේදී පළ වූ විදේශීය වෙබ් පුවතක ද දැකිය හැක. එමෙන්ම ලොව පුරා විවිධ භාෂාවලින් පළ වූ තවත් ලිපිවල ද එම ඡායාරූපය අඩංගු වන අතර බ්‍රසීලයේ සිදු වූ බව පැවසෙන වන විනාශයකට අදාළ පුවත් සඳහා ද එම ඡායාරූපය යොදා ගනු ලැබ ඇති බව 'බීබීසී සිංහල සේවය' වාර්තා කරයි.

ඉහත සඳහන් ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්වරයා සමග 'බීබීසී සිංහල සේවය' කළ සංවාදයේදී ඔහු පවසා ඇත්තේ,  "මම අඹරැල්ලා කියලා පේජ් එකකින් ගත්තේ. තව කොහේ හරි තිබ්බා. මට ඒක මතක නැහැ" යනුවෙනි.

තමා අතින් සිදු වූ වරද පිළිගනිමින් එකී ඡායාරූපය සිය ෆේස්බුක් පිටුවෙන් ඉවත් කිරීමට ඉහත කී ඇඩ්මින්වරයා කටයුතු කර තිබු ද ඒ වන විටත් එය දහස් ගණනින් ෆේස්බුක්හි හුවමාරු වී තිබිණි. 

යම් කිසි පුද්ගලයෙකු දැන හෝ නොදැන ව්‍යාජ පුවතක් හෝ ඡායාරූපයක් සමාජ ජාලවලට එක් කිරීමේ ඇති භයානකත්වය වන්නේ share නොකර ඕනෑම අයෙකුට එවැනි පුවතක හෝ ඡායාරූපයක පිටපතක් (Screen shot) ලබා ගැනීමේ හැකියාව ජංගම දුරකතන සතුව ඇති බැවිනි.

පනස් දහසකට අධික පිරිසක් සාමාජිකත්වය දරන ඉහත කී ෆේස්බුක් පිටුවෙන් එකී ව්‍යාජ පුවත ඉවත් කිරීමෙන් පමණක් share වීම නොනවතින්නේ එබැවිනි.

කෙසේ නමුත් එවැනි ව්‍යාජ පුවතකින් හෝ ඡායාරූපයකින් ජනතාව යම් කිසි සාමාජීය ගැටළුවක් දෙස බලන ආකාරය සහ එහි විශ්වසනීයත්වය හීන විය හැකි බව ඉහත කී ඇඩ්මින්වරයා ද පිළිගනී.

වන විනාශ සිදු වෙතැයි පවසමින් පළ වන ව්‍යාජ ඡායරූපවල විශ්වසනීයත්වය සහ නිවැරදිභාවය සම්බන්ධයෙන් ඇතැමෙක් සමාජ ජාල ඔස්සේ ප්‍රශ්න කරති.

පහත දැක්වෙන්නේ සිංහරාජයේ සිදු වෙමින් පවතින වන විනාශයක් බව පවසමින් පළ වූ තවත් ඡායාරූප පෙළකි. 
මල්ෂාන් චතුරංග නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් පිටුවක පළ කරනු ලැබ ඇති එම ඡායාරූප පෙළ හුවමාරු (Share) වී ඇති සංඛ්‍යාව අට දහසකට අධිකය.

 106126544 mediaitem106126543
 
එහි දැක්වෙන පළමු ඡායාරූපය 2015 වසරේ පළ වූ අන්තර්ජාල පුවතක අඩංගුව වේ. එය ඉන්දුනීසියාව සම්බන්ධයෙන් පළ වූ පුවතකි. බීබීසී ඉන්දුනීසියානු සේවය ද ඒ බව තහවුරු කළේය. වන විනාශය සහ පරිසරය සම්බන්ධ බොහෝ පුවත් සඳහා එකී ඡායාරූපය යොදා ගෙන ඇති ආකාරය ද දැකගත හැක.

1
 
එමෙන්ම දෙවන ඡායාරූපය 2016 වසරේ පළ වූ පුවතක දැක ගත හැකි අතර එය බ්‍රසීලයේ ඇමේසන් වනයේදී කැමරාවට හසු කර ගෙන ඇතැයි සඳහන් වේ. එම ඡායාරූපය විවිධ භාෂාවලින් අන්තර්ජාලයේ පළ වූ තවත් පුවත් සිය ගණනක ද ඇතුළත් වේ. තෙවන ඡායාරූපය ද 2018 වසරේ සිට ලොව පුරා විවිධ භාෂාවලින් පළ වූ වෙබ් අඩවි තුළ දැකිය හැක.

2
 
ඡායාරූපයක නිවැරදිභාවය පරීක්ෂා කරන්නේ කෙසේද?

අදාළ ඡායාරූපයේ බාගත කර ගන්න නැතිනම් ඒ සඳහා එහි URL ලිපිනය යොදා ගන්න. ඡායාරූපයක් ගූගල් කිරීම සඳහා මේ යොමුවට පිවිසෙන්න 
34අදාළ ඡායාරූපය මීට ඉහතදී පළ වී ඇති වෙනත් පුවතක් සඳහා යොදා ගෙන ඇත්නම් ඊට අදාළ වෙබ් අඩවි පහත දැක්වෙන පරිදි තිරයේ දිස් වනු ඇත. 
5(උපුටා ගැනීම - බීබීසී සිංහල සේවය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top