Mar 24, 2019

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැලිගමට

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මක 'එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට' ජංගම සේවාව ඊයේ දින (23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර ශාලා පරිශ්‍රයේ දී ආරම්භ විය. 
 
වැලිගම ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන් ඇති තරුණ තරුණියන්ට මෙම ජංගම සේවාව මගින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිට ණය ලබා ගැනීම දක්වා වන සියලු කටයුතු ඉටු කර ගැනීමේ අවස්ථාව මෙමගින් උදාවේ. 
 
ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ රාජ්‍ය ආයතන කුටි, ණය ලබා ගැනීම සඳහා බැංකු කුටි, ප්‍රදේශයේ බහුලව සිදු කෙරෙන සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට අදාළ රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන රැසක් මේ සඳහා සහභාගී වේ. 
 
ඊයේ සහ අද දෙදින වැලිගම දී පැවැත්වෙන මෙම ජංගම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
 
මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top