Mar 24, 2019

මුන්නේෂ්වරම් පුජා භූමියේ ගංජා විකුණලා

මුන්නේෂ්වරම් පුජා භූමිය තුළ ගංජා අළෙවි කිරීමේ නිරතව සිටි සැකකරුවෙකුව ඊයේ ( 23) සවස හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 24 ක් වන අතර ඔහු සතුව තිබී ගංජා මිලි ග්‍රෑම් 9880ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
 
උපාය දූතයෙකු යොදවා සැකකරුගෙන් ගංජා මිළදී ගෙන වැටලීම සිදු කිරීමට විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.
 
සැකකරු මුන්නේෂ්වරම පුජා භූමිය තුළ පවත්වා ගෙන යන පළතුරු අලවි සැලක සේවකයෙකු ලෙස කටයුතු කරන අයෙක් බව හෙළිවී තිබේ.
 
පළතුරු අලවි කිරීමට අමතරව පුජා භූමියට පැමිණෙන ඇතමුන්ට සැකකරු ගංජා අලවි කරන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.
 
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කීර්තිපාල මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top