Mar 26, 2019

"ශිෂ්‍යත්වය අහෝසි කරන්න තීරණය කළා"

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදීමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණයට එළැඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ මෛතී‍්‍ර ශිල්ප කලා මණ්ඩපය ඊයේ (25) පස්වරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දීමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් අද එය ජනපි‍්‍රය යැයි සම්මත පාසලකට ඇතුලත්වීමේ තරගයක් වී අති බව ජනාධිපති සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන බව මෙහි දී පැවසු ජනාධිපතිවරයා එබැවින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද ගැටලුවක් පවතින බවද ජනපි‍්‍රය යැයි සම්මත පාසල් සඳහා ඇතුලත්වීමේ තරඟයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප‍්‍රදේශවල මැති ඇමතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත්ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top