Jan 16, 2017

මධ්‍යම පළාත් වැසියන්ට ID එකට අමතරව තවත් කාඩ්එකක්

සහසර ප්‍රවාහන ව්‍යාපෘතිය ජාතික මට්ටමින් මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීම අද (12) ආරම්භ විය.

මේ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමට පෙර පසුගිය 15 වැනිදා පස්වරුවේදී නුවර කඩුගන්නාව රොක් වීව් හෝටලයේදී සහසර නියමු ව්‍යාපෘතිය සාර්ථකත්ව නිම කිරීමට කැපවූ බස් හිමියන්, බස් රියදුරන් හා කොන්දොස්තරවරු 250කට විශේෂ සහතිකපත්‍ර ප්‍රදානයක් සිදුකෙරිණ.

ඒ සඳහා මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති එරික් වීරවර්ධන, මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් එස් කුමාරගේ, ආචාර්‍ය ඩී එස් ජයවීර, සෙමා ආයතනයේ අධ්‍යක්ෂ ජොහෑන් බණ්ඩාරනායක, මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. පී. එස්. එස්. නිස්සංක, මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ කළමණාකරු රොශාන් කුමාර, කොළඹ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්‍ය නාමල් වීරසේන, ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරන අධ්‍යක්ෂක ජනක ජයලත් යන මහත්වරුන් සහභාගී වූහ.

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/news/1886-id#sigProIdff2d35002b

මේ සම්බන්ධයෙන් පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා සහසර කාඩ්පත හඳුන්වාදෙමින් කියා සිටියේ මින් පසුව පුරවැසියන්ගේ පොකට්ටුවේ ජාතික හැඳුනුම්පතට අමතරව රැඳෙන තවත් එවැනිම කාඩ්පතක් වන්නේ සහසර කාඩ්පත බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top