Jan 16, 2017

'නියම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා මෛත්‍රී' - මංගල

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ සියලුම ජන කොට්ටාශ වල ඉහලම ඡන්ද ප්‍රතිශතයෙන් බව පවසන විදේශ ඇමති මංගල සමරවීර මහතා, වත්මන් ජනාධිපතිවරයා රටේ ඉතිහාසයේ එකම නියම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා ලෙස හැඳින්විය හැකි බව කියා සිටියි.

අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ පසුගියදා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව ලන්ඩනයේ දී පැවති ප්‍රසිද්ධ දේශනයකදීය.

සුළුතර කණ්ඩායම් වල සහාය නැතිව කවදාවත් බලයට එන්න බැරි බව දන්නා අසන්තෝෂයෙන් ඉන්න දේශපාලන කණ්ඩායම් ආණ්ඩුව සහ වෙනත් ජාතීන් අතර ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බව පැවසු ඇමතිවරයා, ඔවුන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ජාතීන් අතර වෛරය වැපිරීමට විරුද්ධ නව නීති ගෙන එන බව එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

(ceylonjournals)


සබැඳි පුවත් :

සත්‍ය කොමිසමක් : මංගල ලන්ඩනයේ සාකච්ඡා

මද වේගයෙන් ලංකාව නව ඇරඹුමකට යන බව මංගල එංගලන්තෙදී කියයි

'ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා' - මංගල (වීඩියෝ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top