Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 17, 2017

විමල් ඇතුළට දැම්මෙ බැසිල් ?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වීමට සිදු වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු නොකිරීම නිසා බවට ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

තමා සමඟ එක පෙරමුණක සිට දේශපාලන කටයුතු කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා වීරවංශ මහතාට ආරාධනා කර තිබිණි. එහෙත් එම යෝජනාවට වීරවංශ මහතා එකඟත්වය දක්වා තිබුණේ නැත.

කෙසේ නමුත් මීට දෙසතියකට පමණ පෙර විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගෙන කටයුතු කිරීම සඳහා යම් එකඟතාවකට පැමිණ තිබූ බව වාර්තා වී තිබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග අනුව මේ වන විට චෝදනා ගණනාවක් වීරවංශ මහතාට එල්ල වී ඇති නමුත් එම චෝදනාවන්ට සම්බන්ධ අනෙක් සැකකරුවන් රැසක් අත්අඩංගුවට පත් වී රිමාන්ඞ් බන්ධනාගාරතව සිටියත් වීරවංශ මහතා ඉන් බේරී සිටියේ බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප්‍රබලයකු සමඟ පවත්වන ගනුදෙනුව නිසා බව ද පැවසේ.

ශ්‍රීලනිපය දෙකඩ කර වෙනම මෛත්‍රී විරෝධී දේශපාලන පක්ෂයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එජාප ප්‍රබලයකුගේ අනුග්‍රහය ලැබී තිබූ අතර ඒ අනුව ඔහුට සහ ඔහුට සමීප පුද්ගලයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ගෙන් හා නීතිමය කටයුතුවලින් සහනයක් ලබා ගැනීමට හැකි වූ බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වීරවංශ මහතාව මීට පෙර අවස්ථා ගණනාවක දී මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූව ද අවසන් මොහොතේ ඉහළින් ලැබුණු නියෝග මත ඒ වැළකී තිබුණු බව ද වාර්තා වේ.

එසේ නමුත් වීරවංශ මහතාව අත්අඩංගුවට ගැනීම සිදු වූයේ පසුගියදා ජනාධිපතිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා ඔවුන්ට ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුවය.

එහි දී ජනාධිපතිවරයා එම නිලධාරීන්ට පවසා ඇත්තේ කිසිදු බලපෑමකට යටත් නොවී නිසියාකාරව නීතිය අනුව කටයුතු කරන ලෙසය.

(සත්හඬ )

සබැඳි පුවත්

මෛත්‍රී සමඟ ආණ්ඩුවක් හදන්න විමල් - ගම්මන්පිල එකඟයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top