Apr 14, 2019

පුන්‍ය කාලය ඇරඹෙයි !

අප්‍රේල් 14 (අද) පූර්ව භාග 07:45 ට පුන්‍ය කාලය ආරම්භ විය.

එය අපර භාග 08:33 දක්වා පවතින අතර පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.

ආහාර පිසීම

මීළඟ නැකත වන්නේ ආහාර පිසීමයි.

අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපර භාග 02:42 ට රතු කහ මිශ්‍ර (තඹ පැහැති) පැහැති වස්ත්‍රභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක්ද තිකුළු මිශ්‍ර අග්ගලා සහ කැවුම් වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top