Apr 14, 2019

කාර් එකට ගිණි තැබුවැයි ලක් ගෘහ සේවිකාව හිරේ දාලා

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයක් මාස 6ක සිර දඬුවමක් නියම කර තිබේ.

 
ඒ එම ගෘහ සේවිකාව සේවය කළ නිවසේ ස්වාමියාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිණි තබා විනාශ කළ බවට එල්ලවූ චෝදනාවක් මතය.
 
කෙසේවුවද, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව තමන්ට එරෙහි චෝදනා නඩු විභාගයේදී ප්‍රතික්ෂේප කර තිබේ.
 
අධිකරණය හමුවේ ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, මෝටර් රථයෙන් දුමාරයක් පිටවනු තමන් දුටු බවත්, තමන් එය නිවා දැමීමට උත්සහ කළ බවත් ය.
 
නමුත් ඒ අසළ ජලය නොමැති වීම හේතුවෙන් එම උත්සහය අසාර්ථක වූ බව පවසා ඇති ශ්‍රී ලාංකික කාන්තාව අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ, මෝටර් රථයේ තිබූ සුවඳ විලවුන් බෝතලයකින් ගින්න හටගන්නට ඇති බව ය.
 
අදාළ සිද්ධියට ඇය වරදකරු වීම හේතුවෙන් ඇයට මාස 6ක සිර දඬුවමක් නියම වී තිබේ.
 
ඇගේ සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇතැයි ඩුබායි මාධ්‍ය අනාවරණය කර ඇත.
 
ඊයේ (13) දින රාජකාරී දිනයක් නොවන බැවින් මේ පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙකු මාධ්‍යට පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top