Apr 14, 2019

කොරියානු ටෙලිකොම් එකට LED වීදි ලාම්පු කොන්ත්‍රාත්තුවක් දීලා 

කොරියානු ටෙලිකොම් සමාගමට කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල සම්ප්‍රදායික වීදි ලාම්පු සඳහා LED වීදි ලාම්පු සවි කිරීම, පොදු Wi-Fi සහ වීඩියෝ ආරක්ෂණ නිරීක්ෂණ ජාලයක් සැකසීමේ කොන්ත්‍රත්තුවක් හිමිව තිබේ.
 
අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් එයට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇත.
 
දකුණු කොරියාවෙහි විශාලතම දුරකථන සමාගම වන කොරියානු ටෙලිකොම් සමාගම වර්තමානයේ හඳුන්වන්නේ  KT Corporation ලෙසය.
 
එම සමාගම යෝජනා කර ඇත්තේ සම්ප්‍රදායික වීදි ලාම්පු වෙනුවට පාලනය කළ හැකි ස්මාර්ට්  LED වීදි ලාම්පු සවි කිරීමටය.
 
මෙම යෝජනාව විමර්ශනය කර එහි නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කර තිබේ.
 
ඉකොනමිනෙක්ස්ට් 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top