Apr 14, 2019

ලාංකිකයින් 04ක් ලන්ඩන් ලූටන් ගුවන්තොටේදී අත්අඩංගුවට

ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී එරට තහනම් සංවිධානයක සාමාජිකයින් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


විදෙස් වාර්තා සදහන් කරන්නේ එරට ත්‍රස්ත පනතේ 11 වන වගන්තියට අනුව මෙම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔවුන් සිව් දෙනා පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව සඳහන් වේ.

මෙම ශ්‍රී ලාංකිකයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 11 වනදා ඔවුන් ගුවන් තොටුපලේ රැදී සිටියදී සිටින බවට පොලීසියට ලද තොරතුරු මතය.

අත්අඩංගුවට ගත් මෙම ශ්‍රි ලාංකිකයින් සිව් දෙනා බේට්පෙෂර් පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top