Apr 14, 2019

අනවසරයෙන් කැළෑව එළිකල 3ක් දැලේ (ඡායා)

වවුනියාව, පුලියන්කුලම, පලෙයවාඩිය ප්රදේශයේ ඝන කැළැව බැකෝයන්ත්‍ර යොදාගෙන අනවසරයෙන් කැලෑ එළිකළ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය පවසයි.
 
පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පලු, බුරුත දැව ආදි ගස් රැසකින් සමන්විත් ඝන කැළැව එළිකරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
 
පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50,40 හා 34 වයසේ පසුවන තිදෙනෙකු හා කැළෑව එළි කිරීමට යොදාගත් බැකෝ යන්ත්‍ර ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
 
පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
 
සිද්ධීය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
4
3
1
2
 
මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top