Apr 14, 2019

රනිල්ට හා කරූට මැකෝ යැවූ අවුරුදු පණිවුඩය ! Featured

පළාත් සභා නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් පසු ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා කථානායක කරු ජයසූරිය මහතාට අලුත් අවුරුද්දට පෙර ලිඛිතව දැනුම්දීමක් සිදු කර තිබේ.

 
සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජයට පත්වීමෙන් පසු ඒ ගැන සොයා බලා වාර්තා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් පත්කරන ලදී.
 
පනත ප්‍රකාරව එම කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ලබාදිය යුතුව තිබේ. කෙසේවුවද මේවන විට එය කල් හරිමින් සිටින්නේ හදිස්සියේ මතුවූ දින 51 ආණ්ඩු පෙරළිය පිට එය පටවමිනි. 
 
නව රජය ස්ථාපිත වී මාස කිහිපයක් ගතව ඇතත් මතෛක් පළාත් සභා පනත ගැන එම කමිටුවේ ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මැතිවරණ කොමිසම මෙම දැනුම් දීම කර තිබේ.
 
මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව පනත අනුවද පරණ පනත අනුවද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා දැනුම් දෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා ඇත.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top