Apr 15, 2019

පේදුරුතුඩුවේ රිය අනතුරකින් අයෙක් මරුට (ඡායා)

 
යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ ඊයේ (14) සවස සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.
 
පොලිසිය පැවසුවේ පේදුරුතුඩුව සිට නෙල්ලිඅඩි දක්වා යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුගේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක ගැටීමෙන් සිදුවු අනතුරකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
 
අනතුරින් පේදුරුතුඩුව දෙවැනි පටුමඟ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු වන එම්. පුවිකරන් නමැත්තෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
 
අනතුරට පත් පුද්ගලයා යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
 
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
 මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top