Apr 15, 2019

යාපනයේ බෝට්ටුවක් ගිනි තැබු අයෙක් අත්අඩංගුවට (ඡායා)

යාපනය, පේදුරුතුඩුව, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ වෙරළේ තිබු බෝට්ටුවක් ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.
 
පොලිසිය පැවසුවේ වෙරළේ නවතා තිබු බෝට්ටුවකට කිසියම් තැනැත්තෙකු විසින් ගිනි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත සැකපිට අයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.
 
පොලිසිය පැවසුවේ ගිනි තැබීම හේතුවෙන් බෝට්ටුව සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර, ප්‍රදේශයේ ධීවර ජනතාව සිදුකල පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වු බවයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ  මෙහෙයවයි.
 
මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top