Apr 15, 2019

කඹුරුපිටියේ ගැටුමකින් 10ක් රෝහලේ : හදිසි අනතුරු ඉහළට

කඹුරුපිටිය, රන්සෑගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (15) අලුයම ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

 
පොලීසිය පැවසුවේ, සාදයකින් පසු බහින්බස් වීමක් දුරදිග යාම ගැටුමට හේතුවී ඇති බවයි.
 
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකු මාතර රෝහලෙත් 7 දෙනෙකු කඹුරුපිටිය රෝහලෙත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
හදිසි අනතුරුවලින් 410ක් රෝහලේ
 
ගතවූ දින දෙක තුළදී හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 410 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
 
 ඔවුන් අතරින් 203 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවද මේ අතර වාර්තා වේ.
 
මාර්ග අනතුරුවලින් 13 දෙනෙකු, නිවසේදී සිදුවු විවිධ අනතුරු හේතුවෙන් 49 දෙනෙකු සහ හිංසන ක්‍රියා හේතුවෙන් 36 දෙනෙකුද ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
 
ගිනිකෙළි අනතුරු හේතුවෙන් ද පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති බව පැවසේ.
 
පසුගිය වසරට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතවූ පුද්ගලයින් සංඛ්‍යාව 8% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
 
එහි පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවේ අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් සියලු ජනතාවට විශේෂ වගකීමක් පවතින බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top