Apr 15, 2019

අද දේශපාලන පෙරළියක් නැහැ : මන්ත්‍රීවරුන් ගෙන් භාගයක් රට ! Featured

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.


එහි නියෝජ්‍ය සංවිධායක, අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා 'නෙත් නිව්ස්' වෙත පැවසුවේ සම්මත ක්‍රමවේදවලින් තොරව යළි එවැනි වෙනසක් සිදු කිරීමට ගොස් ජනාධිපතිවරයා රටට හානියක් කරනු ඇතැයි විශ්වාස නොකරන බවයි. 

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගෙන් කල විමසීමකදී ඔහු පැවසුවේ, 113ක බහුතරයක් ලබා ගැනීමට නොහැකි අවස්ථාවක කුමන දේශපාලන පෙරළි සිදු කළ ද ඒවායෙන් පලක් නොවන බවයි.



ඉදිරි ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා අතර රාවයක් පැවති අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොහෝ දුරට එය අප්‍රේල් 15වනදා, එනම් අද දිනයේ සිදුවිය හැකි බවටයි. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එම පක්‍ෂයේම වෙනත් ප්‍රබලයෙක් අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට එම තොරතුරු වලින් කියැවී තිබින.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් බහුතරයක් මේදිනවල නිවාඩු ගතකිරීම සඳහා විදේශගතව ඇතිබවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top