Apr 16, 2019

'ගෝඨාට කිසිම බාධාවක්වත් නෑ' – මහින්ද සහතික වේ

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධ කාරණාවට කිසියම් නීතිමය හේතුවක් නිසා බාධාවක් එල්ලවී ඇතැයි යන කරුණ සහමුලින්ම අසත්‍යයක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ ගැන තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ බවත් එවිට ඔහු ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන් නඩු පැවරුවාය කියන කතාවත්, පුරවැසිභාවය පිළිබඳවත් ලංකාවේ තිබෙන ආන්දෝලනය ඇමෙරිකාවේ නැති බව යැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

කිසියම් තැනැත්තකු ඇමෙරිකාවේ පුරවැසි භාවය එපා කියන්නේ නම් ඔහු බලෙන් පුරවැසිකමෙහි තබාගන්න නීතිමය සම්ප්‍රදායක් එරට නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

(දේශය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top