Apr 18, 2019

වෑන් එකක් ප්‍රපාතයකට වැටිලා 10කට තුවාලයි (ඡායා)

 

ගාල්ලේ සිට හැටන් දක්වා ධාවනය වු වැන් රථයක් හැටන් වටවල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රදේශීය රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසීය.

රෝහල්ගත කල අයගෙන් සිව්දෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.

ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි යලිත් හැටන් දක්වා වෑන් රථය ධාවනය කරවන අවස්තාවේ අද (18) උදැසන 5.45 පමණ මෙම අනතුර සිදු වි ඇති බව වටවල පොලිසිය කියයි.

මර්ගයෙන් ඉවතට පැන ඇති වැන් රථයඅඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඉදි කරමින් පවතින නිවසක් අසල නතර වි ඇත.

තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් හත් දෙනෙක් සිටින බවයි පොලිසිය පැවසුවේ.

ධාවනය වෙමින් තිබු වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හෝ වැන් රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරයි.

වැන් රථය අනතුරට පත් වන අවස්තාවේ වැන් රථය තුල නව දෙනෙකු ගමන් කර ඇති බවත්, වැන් රථයේ ගමන්ගත් සියළු දෙනාම හැටන් ප්‍රදේශයේ පදංචිකරුවන් බවයි වටවල පොලිසිය පැවසුවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top