Apr 18, 2019

මාලිංගට ශම්මිගෙන් ආයාචනයක් ! Featured

ලසිත් මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වුවත් ඇතැම් විට ඔහුට හොඳ නායකයෙක් වීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

" මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.

මාලිංග අපිට ඉන්න හොඳ ක්‍රීඩකයෙක්. මාලිංග තරග 13ක් පරාජයට පත්වුණා.

මාලිංග අංක එකට රට තබාගෙන ක්‍රීඩා කරයි කියලා හිතනවා. මාලිංග විශ්‍රාම ගත්තොත් අපිට හොඳ ක්‍රිඩකයන් රාශියක් ඉන්නවා.

අපි එයාට අයි.පී.එල්. ඉවරවෙනකම් ගහන්න අවස්ථාව දිලා තිබෙනවා.

ලසිත් ආබාධයකට ලක්වුණොත් අපිට වෙනත් ක්‍රිඩකයෙක් දාන්න වෙනවා. අපි එයාට ආයාචනා කරනවා රට ගැන හිතලා ගහන්න කියලා.

ලසිත් ගහන්නේ රට වෙනුවෙන්. එයා හොඳ තරගයක් දේවි"

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top