Apr 18, 2019

කුඩු කිලෝ 5ක් එක්ක දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් මාට්ටු

හෙරොයින් කිලෝ ග්‍රෑම් 5ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (18) කිරිබත්ගොඩ පොලිස් වසමේ මාකොළ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කර මෙම හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි යතුරුපැදිය හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වු කිරිබත්ගොඩ කැලණියේ පදිංචි සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා යන පුද්ගලයෙක් බව අනාවරණය වන අතර මෙම සැකකරු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගත් මේ වන විට බන්ධානාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දා නැමැති අය විසින් මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top