Apr 19, 2019

වැවිලි ලොක්කෙක් විගණකාධිපති කරනවට විරෝධය !

ඉදිරි සතියේදී පුරප්පාඩු වන විගණනකාධිපති තනතුර සඳහා රාජ්‍ය වැවිලි සමාගම් සභාපති තනතුරක් දැරූ පුද්ගලයෙකු පත්කිරීමට සැලසුම් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කළහ.

මෙවැනි පත්කිරීමක් සිදුකළහොත් එයට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත්, දැනට දෙපාර්තමේන්තුව තුළ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු මෙම තනතුරට පත්කරන ලෙසට ඊයේ (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් භාර දුන් බවත් එම පිරිස් පවසා සිටියහ.

එමෙන්ම දැනට විගණකාධිපති තනතුරේ සේවය කරන නිලධාරියා ලබන 24 වැනිදා විශ්‍රාම යන බවද එම නිලදාරීහු පැවසූහ.

එසේම 2014 වසරේ සිට මාස 13කට අධික කාලයක් විගණකාධිපති තනතුරේ වැඩ බැලූ නිලධාරියෙකුද දෙපාර්තමේන්තුව තුළ සිටින බවත්, එසේ තිබියදී විගණන ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයෙකු මෙම තනතුරට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවත් එම දෙපාර්තමේන්තු නිලධාරීහු පවසා සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top