Apr 19, 2019

අකුණක් වැදී නිවසක් ගිණිගනියි (ඡායා)

මන්නාරම, මාන්තෙයි බටහිර වන්නාන්කුලම ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදීමෙන් නිවස ගිනිගෙන ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

ප්‍ර‍දේශවාසීන් පැවසූවේ අකුණු සැර වැදීමෙන් නිවසේ භාණ්ඩ ගිනි ගෙන විනාශ වී ඇති අතර, පුද්ගලයින් වෙත හානියක් සිදුව නොමැති බවයි.

අකුණු සැර වදින අවස්ථාවේ නිවැසියන් නිවසේ නොසිට ඇති අතර, අදාළ අවස්ථාවේ ගින්න හටගෙන ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් මන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top