Apr 19, 2019

යාපනේ ගිය බස් එක මඟදි උඩුකුරිංඤං වෙලා (ඡායා)

බදුල්ල සිට යාපනය දක්වා ගමන් කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් අද (19) අලුයම 4.00 ට පමණ කිලිනොච්චිය මුරුකන්ඩි ප්‍රදේශයේදී පෙරළි ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අධික වේගයෙන් ගමන්කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති අතර,අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

බස් රථය මාර්ග‍ය ආසන්නයේ බෝක්කු ආරක්ෂිත කණු කඩාගෙන ගොස් පෙරළි ඇති බවද පොලිසිය සදහන් කළේය.

පොලිසිය පැවසූවේ අනතුරින් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර,රිය අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top